"ධර්මයේ ආලෝකයෙන් සමාජය දිනමු"
දහම් පාසලක් යනු විෂය කරුණු හා තරග, විභාග පමණක් අරමුණු කර ගත් දෙයක් නොව සාමූහික ක්‍රියාකාරකම්, නායකත්ව කුසලතා වර්ධනය, මෙන් ම සාරධර්ම මනාව දරුවන් හට කියා දෙන ඉතා වැදගත් සමාජ ආයතනයක් බව සමාජයට පෙන්වීම සඳහා පිහිටුවන ලදී.
ගම මුල් කරගත් දහම් පාසල් පද්ධතිය තුළ පවත්නා දරුවන්ගේ සම්පත් විෂමතුලිතතාවය දහම් පාසල් සීමාව තුළ සිට හැකි උපරිමයෙන් අවම කර පිරිපුන් ගුණවත් පුරවැසියන් පිරිසක් සමාජයට දායාද කිරීමේ අරමුණින් පිහිටුවන ලදී.
දහම් පාසල තුල විශේෂ කුසලතාවයන් දැක් වූ සහ විවිධ තරගාවලිවලට සහභාගි වී ජයග්‍රහණ ලබා ගත් සිසු දරුවන් ඇගයීම පිණිසත් දරුවන් සතු කලා සහ අනෙකුත් විභවයන් ඔප්නැංවීම පිණිසත් මෙම ව්‍යාතිය පිහිටුවන ලදී.
ජීවිත රැකීමේ මහඟු කාර්යයේ කොටස්කරුවන් ලෙස, ශිෂ්‍යයන්ගේ, ගුරුවරුන්ගේ සහ දෙමව්පියන්ගේ සහභාගීත්වයෙන් පවත්වනු ලබන රුධිරදාන ව්‍යාපෘතිය.